ලාස් වේගස් වෙඩි තැබීමෙන් මිය ගිය ගණන 50කට නගී

(කොළඹ, ලංකාපුවත්) –ලාස් වේගස් නගරයේ ජන සමූහයක් වෙත එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් 50 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් තවත් 200ක් පමණ තුවාල ලබා ඇති බව නවතම විදෙස් තොරතුරු වාර්තා කර ඇත.

අසල පිහිටි හෝටලයක 32වැනි මහලේ සිට තුවක්කුකරු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ එළිමහනේ පැවති සංගීත සැණකෙළියක් නැරඹීමට පැමිණි පිරිසට ය.

ස්වයංක්‍රීය තුවක්කුවකින් නිකුත්වන වෙඩි හඬ මධ්‍යයේ මිනිසුන් රැස්ව සිටි ස්ථානයෙන් පලා යන ආකාරය දැක්වෙන වීඩියෝ පට සමාජ ජාලාවලට එක්වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *