ලෝක උරුම ලැයිස්තුවට අලුත් ස්ථාන 21ක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක උරුම ලැයිස්තුවට නව ස්ථාන 21ක් එක්කර තිබේ.

ලෝක උරුමයන් පිළිබඳ සමුළුව පෝලන්තයේදී පසුගියදා පැවැත්වුණු අතර එහිදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව යුනෙස්කෝ ලෝක උරුම 1073ක් බවට පත්වේ.

බ්‍රිතාන්‍යයේ පළමු ජාතික උද්‍යානය ද ලෝක උරුම ලැයිස්තුවට එක්විය.

ඉන්දියාවේ තාප්පයෙන් වට වූ නගරය ලෙස සැලකෙන අහමදාබාද් නගරය ද මෙම ලැයිස්තුවට ඇතුළත් ය.

තුර්කිය, රුසියාව, ජර්මනිය, ජපානය, ප්‍රංශය, චීනය, ඉරානය හා බ්‍රසීලය ඇතුලු රටවල් රැසක විශේෂ ස්ථාන ද ලෝක උරුම ලැයිස්තුවට එක්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *