අප සමරන්නේ 70 වසරක ප්‍රජාතන්ත්‍රවාදයේ වාර්තාවක් ඇති කළ අවස්ථාවක් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –සිග්‍ර සංවර්ධනය ඇති කරන්න තිබෙනවා. මේ රටේ දියුණු ආර්ථිකයක් ඇති කරගත යුතුයි.අපි සමරන්නේ 70වැනි සංවත්සරය පමණක් නොවේ, අවුරුදු 70 ප්‍රජාතන්ත්‍රවාදයේ වාර්තාවක් ඇති කළ අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය අමතමින් අග්‍රමත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

අද අපි සමරන්නේ 70 සංවත්සරය පමණක් නොවේ, අවුරුදු 70 ප්‍රජාතන්ත්‍රවාදයේ වාර්තාවක් ඇති කළ අවස්ථාවක්. මේ සභාව ගත් කාර්යභාරය නිසා මහජනතාව ප්‍රකාශ කරලා,අයිතින් සිමා කළ අවස්ථාවේ හඩ නගලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පුහුණුව අප ලැබුවා. ජනතාවට වගකියන සභාවක් හැටියට ක්‍රියාකරන්න පලපුරුද්දක් ලැබුවා. ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස් සේනානායක මතිතුමාට,මොලමුරේ මැතිතුමාට, බණ්ඩාරනායක මැතිතුමාට ඇතුළු සියලු දෙනාට ස්තූතිය පුදකරන්න ඕන. ජනරජ ව්‍යවස්ථා දෙකක් සම්මත කරන්න හැකි වුණා.

මේ සභාවේ 2015 විසි වැනි සංශෝධනය අනුමත කළා. මෛත්‍රිපාල ජනාධිපතිතුමා ගත් පියවර ගැන ස්තූතිවන්ත වෙනවා. නිදහස් ස්වාධීන කොමිෂන් ඇති කර තව දුරටත් පාර්ලිමේන්තුව ශක්තිමත් කළා. අප බලපොරොත්තු වෙන්නේ සමෘද්ධිය සෞභාග්‍ය ඇතිවෙයි කියලා. අපිට කණගාටුවකුත් තිබෙනවා. අප පටන් ගත්තේ එක්සත් ජනතාවක් එක්කයි, වසර 60ක් තුළ ජනවර්ගික ප්‍රශ්න තිබුණා. යුද්ධ මට්ටමට පැමිණියා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. තවමත දේශපාලන විසඳුම ලබාගන්න තිබෙනවා.

දැන් වසර 70ක් ගිහින් අපට දියුණු රටක් වෙන්න අපෝසත්වුණා. විවෘත ආර්ථිකය තුළ බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබුණේ නැත්තේ යුද්ධය නිසා. අපිට පාර්ලිමේන්තු ක්‍රමයේ අඩුපාඩු වී තිබුණා ,අපිට මේ බලාපොරොත්තු දෙය ඉටු කරන්න බැරි වීම. ප්‍රධාන ජාතික ප්‍රශ්නය වන ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි. දේශපාලන විසදුමක් ල බාදීලා, එකතුවන අවස්ථාවක් තිබෙන්නේ. ජනාධිපතිතුමාත් එයට කැපවී තිබෙනවා.

සිග්‍ර සංවර්ධනය ඇති කරන්න තිබෙනවා. ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මේ රටේ දියුණු ආර්ථිකයක් ඇති කරගත යුතුයි. ඒවා ඉටු කරන්නයි අප කැපවී සිටින්නේ. 70 සමරන ගමන් 80වනවිට රට කොහොමද දියුණු කරන්නේ කියලා. අපේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා සිටිනවා,සීග්‍ර සංවර්ධනයත්, ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමත් ලබාදෙමු යැයි අග්‍රාමාත්‍යවරය පැවසී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *