ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන්ම..දින 10කින් තවත් එකක්

(කොළඹ, ලංකාපුවත්) – ග්‍රාහකයක් ඊයේ(02) පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ බව විද්‍යාඥයින් පවසයි.

තවත් ග්‍රාහකයක් දින 10කට පසුව යළිත් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනු ලැබේ.

ඊයේ පෘථිවිය ආසන්නයෙන් ගමන් කර ඇත්තේ 2017 S -17 නමැති ග්‍රාහකයයි.

අඩි 26ක පමණ පළලකින් යුත් එම ග්‍රාහකය, සැතපුම් 54,100ක දුරක් තුළ පෘථිවියට ආසන්නයෙන් වේගයෙන් ගමන් කර තිබේ. එම අවස්ථාවේ දී පෘථිවියට සාපේක්ෂව එහි වේගය පැයට කිලෝමීටර 26,310කි.

ඉන් පෘථිවියට කිසිඳු හානියක් සිදු නොවූ බව, විද්‍යාඥයින් සදහන් කර ඇත.

2012 TC 4 නමැති තවත් ග්‍රාහකයක් ලබන ඔක්තෝබර් 12 වනදා මේ ආකාරයෙන්ම, සැතපුම් 27,000ක දුරක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *