එම් එච් 370 අවසන් වාර්තාව එයි – පරීක්ෂකයෝ විමතියෙන්

(කොළඹ, ලංකාපුවත්) – මැලේසියාවට අයත්වූ එම් එච් 370 යානය අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අදාල පරීක්ෂණ මෙහෙයවූ ඔස්ට්‍රේලියානු පර්යේෂකයින් විසිනි.

ඒ අනුව ගුවන් යානය මගීන් හා කාර්ය මණ්ඩාලයේ 239 දෙනකු සමග අතුරුදන්ව දින 1046 කට පසුව මෙලෙස වාර්තාව එළිදැක්වුණි.

එමගින් ප්‍රකාශ කර ඇත්තේ එම් එච් 370 යානය හෝ එහි සුන්බුන් හමු නොවීම අතිශය අසාමාන්‍ය බවය.එය නූතන දියුණු ලෝකයේ සිදුවිය නොහැක්කක් ලෙසටද මෙයින් කරුණු දක්වා තිබේ.

දිනකට පුද්ගලයින් කෝටියක් පමණ ලෝකයේ ගුවන් ගමන්වල නිරතවන බැවින් මෙම යානයේ අබිරහස, ලෝකයට යම් සැකයක් ඉතිරි කරන සිද්ධියක් ලෙසට වාර්තාවේ කරුණු දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *