ශිෂ්‍යත්ව ප්‍රතිඵල හෙට එයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිළඵල හෙට(05) නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව මගින් සියලු කටයුතු සුදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසල් මට්ටමින් පැවැත්වෙන තරඟ විභාගවල ප්‍රතිඵල ප්‍රමාද වීම නිසා සිසු දරුවන් මුහුණපාන ගැටලු දෙස අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වසරේ නිශ්චිත කාලසටහනකට අනුව ප්‍රධාන විභාගවලට අදාළ ප්‍රතිඵල වසරේ නිශ්චිත දිනකද නිකුත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කෙරිණි.

නිශ්චිත දිනකදී ප්‍රතිඵල නිකුත් කිරීම මගින් පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පසු සමත් වන සිසුන්ට නව පාසල් සදහා කල් ඇතුව අයදුම් කිරීමත්, එම අයදුම් කිරීම්වලට අදාළ අභියාචනාවන් වෙතොත් ඒවා ඉදිරිපත් කිරීමත් සේම හය ශ්‍රේණියට අදාල අධ්‍යයන කටයුතු එළඹෙන වසරේ ජනවාරි මාසයේම ආරම්භ කිරීමටත් අවස්ථාව උදාවේ.

තවද , උසස් පෙළ හදාරන දරුවන්ට තම ප්‍රතිථල ප්‍රමාද වීම නිසා උසස් අධ්‍යාපන අවස්ථා සඳහා යොමුවීමේදී මතුවූ ප්‍රයෝගික අපහසුතා මඟහැරෙනු ඇත.

එසේම ප්‍රමාද වී ප්‍රතිඵල නිකුත්වීම නිසා පාසල් සිසුන්ගේ වටිනා කාලය අපතේ යෑමද මෙම තීරණය අනුව වැළක්වී යනු ඇත. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වූ වහාම හැකි ඉක්මනින් උසස් පෙළපන්ති ආරම්භ කිරීමටත් උසස් පෙළ ප්‍රතිඵල හැකි ඉක්මනින් නිකුත්කොට විශ්ව විද්‍යාල ප්‍රවේශය කඩිනම් කිරීම සදහාත් අවශ්‍යකටයුතු සුදානම් කර ඇත.

මේ අනුව අපොස උ.පෙ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 වනදාත් , අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වනදාත් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *