විද්‍යා 2017 ප්‍රදර්ශනය යළි ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –කැලණිය විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ ‘විද්‍යා 2017 ප්‍රදර්ශනය’ නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

කැළණි විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨය සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය එක්ව සංවිධාන කරන ලද විද්‍යා 2017 අධ්‍යාපනික ප්‍රදර්ශනය 2017 ඔක්තෝම්බර් 02 දින උදෑසන කැළණි විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ පරිශ්‍රයේදී ආරම්භ විය.

විද්‍යා පීඨයේ සියලු අධ්‍යනාංශයන්හි නව නිපැයුම්, නිර්මාණ, නව සොයාගැනීම්, විද්‍යාත්මක මැජික් සහ රොබෝ සංදර්ශන, විෂයානුබද්ධ ක්‍රීඩා, ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරිම්, විද්‍යාත්මක චිත්‍රපට සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයන්හි නව සොයාගැනීම් සහ සේවාවන් පිළිඹිබු කරන ප්‍රදර්ශන කුටි වලින් ප්‍රදර්ශනය සමන්විත වේ.

මෙම ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 07 වන දින දක්වා දිනපතා පෙ.ව.9.00 සිට නරඹන්නන්ට විවෘතව පැවත්වීමට නියමිතව තිබුනද, විශ්ව විද්‍යාලයීය අභ්‍යන්තර ගැටළුකාරි තත්වයක් මත පාලන අධීකාරිය විසින් හදිසියේ විශ්ව විද්‍යාලය වසා දැමීමට ගත් තීරණය හේතුවෙන්, ප්‍රදර්ශනය ද තාවකාලිකව නවතන ලදි.

මේ තත්වය මත ප්‍රදර්ශනයේ සංවිධායකවරුන් හා නරඹන්නන් ඇතුළු පිරිසට සිදු වූ අපහසුතාවය තේරුම් ගනිමින්, ප්‍රදර්ශනය යළි නරඹන්නන් වෙනුවෙන් ආරම්භ කිරිමටත්, මුලදී ඔක්තෝම්බර් 07 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ ප්‍රදර්ශනය අමතර දින දෙකක් දීර්ඝ කරමින් ඔක්තෝම්ර් 09 වන දින දක්වා පැවැත්වීමටත් කැළණිය විශ්ව විද්‍යාලයීය පාලන අධිකාරිය විසින් කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *