අධි තාක්‍ෂණයෙන් යුත් නව රථ වාහන අංක තහඩුවක්

(කොළඹ, ලංකාපුවත්) –අධි තාක්‍ෂණයෙන් යුත් නව රථ වාහන අංක තහඩුවක් හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් වේ.

රථවාහනවල ගමන් මග සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබා ගැනීමට පොලීසියට මේ තුළින් හැකිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

ලබන වසර වන විට එය හඳුන්වා දීමට නියමිතය.

ඉදිරියේදී පිහිටුවීමට නියමිත ග්‍රාහක කුළුණු මගින් මෙම අංක තහඩු සහිත මෝටර් රථ නිරීක්‍ෂණය කිරීමේ හැකියාව පවති.

ගුවන් විදුලි සංඛ්‍යාත මේ සඳහා යොදා ගැනීමට නියමිත අතර සන්නිවේදන කුළුණු මගින් ජංගම දුරකථන හඳුනා ගැනීමට සමාන ක්‍රමවේදයක් මේ සඳහා භාවිත කරන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *