රෝස, පිච්ච වගාකිරීමෙන් මල් වගාකරුවන්ට හොද ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ඉල්ලුම වැඩි නිසා රෝස, පිච්ච වගාකිරීමෙන් මල් වගාකරුවන්ට හොද ආදායමක් ලබා ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී ජයසේන මහත්මිය පැවසුවාය.

රෝස මල් ලක්‍ෂ 05ක් පමණ මාසයකට නිෂ්පාදනය වුවත් ඇතැම් මාසවල දී රෝස මල් ඉල්ලුම වැඩි වී රෝස – පිච්ච වැනි මල්වර්ග ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවන බව ඇය කියා සිටියාය.

ඇය පෙන්වා දුන්නේ මෙවැනි මල් වර්ග වැවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි නම් විශාල ආදායමක් උපයා ගත හැකි බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියේ වැල්ලවාය ඇතිලිවැව ශ්‍රී චන්ද්‍ර බිම්බාරාම විහාරස්ථානයේ පැවැති මල්වගා කරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් පැවැති වැඩමුළුවකට එක් වෙමිනි.

රෝස මලක් රුපියල් 35 – 50ත් අතර මිලකට අලෙවි කිරීමට හැකි අතර රෝස මල්වල ඉල්ලුම වැඩි වූ විට නෙදර්ලන්තයෙන් හා ඉන්දියාවෙන් රෝසමල් ආනයනය කරනු ලැබේ. එම නිසා රෝස මල් – පිච්ච මල් වගා කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම මගින් සැළකිය යුතු ආදායමක් උපයාගත හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *