මලික් හා කබීර් ඇමතිවරුන්ව හෙට බැඳුම්කර කොමිසමට කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) –සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන්ට ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

හෙට(11) එම අමාත්‍යවරුන් දෙදෙනාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබේ.

මේ අතර ප්‍රකාශයක් ලබා දීම සඳහා කෝප් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා බැඳුම්කර කොමිසම වෙත පැමිණ ඇත.

අද (10) පෙරවරුවේ මන්ත්‍රීවරයා කොමිසම වෙත පැමිණි බව සඳහන්ය.

ඒ අනුව කොමිසමේ විමර්ශන සඳහා සහයෝගය ලබාදෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *