ලෝකප්‍රකට චිත්‍ර ශිල්පියෙකුගේ අවසාන චිත්‍රය වෙන්දේසියේ

(කොළඹ, ලංකාපුවත්) – ලෝකප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චිගේ අවසාන චිත්‍රය ලෙස සැලකෙන චිත්‍රයක් වෙන්දේසියේ විකිණීමට තීරණයකර තිබේ.

නොවැම්බර් 15 වනදා එය අමෙරිකා ඩොලර් මිලියන සියයේ සිට වෙන්දේසි කිරීමට තීරණයකර තිබෙන බව වාර්තා වේ.

ක්‍රිස්තු වර්ෂ 1500ට අයත්වන මෙම චිත්‍රය ලියනාඩෝ ඩාවින්චි නිර්මාණය කර ඇතැයි සැළකෙන චිත්‍ර විස්සෙන් එකක් වේ.

වසර 12ක පමණ කාලයක සිට මෙම චිත්‍රය අතුරුදන්ව පැවතුනි.

‘සැල්වේටර් මුන්ඩි’ ලෙසින් මෙම චිත්‍රය නම්කර තිබේ.

මෙම චිත්‍රය ලොවපුරා සංචාරය කරවීමට ද චිත්‍රය භාරව කටයුතු කරන සංවිධායකයින් තීරණයකර ඇතැයි වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *