අගමැති – ෆින්ලන්ත සංචාරයෙන් පසු අවබෝධතා ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයෙන් ශ්‍රී ලංකා – ෆින්ලන්ත මිත්‍රත්වය නව මානයකට ගෙන ඒමේ ක්‍රියාවලියට ශක්තිමත් පදනමක්, සැකසුනු බව, ෆින්ලන්ත ආර්ථික කටයුතු අමාත්‍ය මිකා ලින්ටිලෑ මහතා පැවසීය.

මේ පසුබිම මත ලබන නොවැම්බරයේ දෙරට අතර ඩිජිටල්කරණය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බව ද ඔහු කියා සිටියේය.

හෙල්සින්කි නුවර රාජ්‍ය අමුත්තන්ගේ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිසට රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමමින්, ලින්ටිලෑ මහතා මේ අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ආර්ථික සබඳතා වර්ධනය කිරීමටත්, ෆින්ලන්ත ව්‍යවසායකයින්ගේ තාක්ෂණ දැනුම හා නිපුනතාව ශ්‍රී ලංකාව වෙත ලබාදීමටත් එකඟතාව පළ වී තිබේ. ෆින්ලන්ත ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම, එරට මුල් පෙළේ ව්‍යවසායකයින් පිරිසක් ද භෝජන සංග්‍රහයට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *