ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ වාර්ෂික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ 2017 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි.

”වෙනස්වීම් හමුවේ අභියෝගාත්මකව ජයග්‍රහණය සදහා කැපවීම” යන තේමාව යටතේ මෙම වාර්ෂික සමුථව 15 වන වරටත් ඊයේ ආරම්භ කෙරුණු අතර එය අදින් අවසන් කෙරේ.

2016 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිවයිනේ තුන්වන ස්ථානයට පත් වූ හිගුරක්ගොඩ නිපුණි ධනංජනී රූපසිංහ ශිෂ්‍යාව වෙත තිළිණයක් ප්‍රදානය කිරිම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

ආයතනික අනුග්‍රාහකයින් වෙත සම්මාන තිළිණ ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි.

ශ්‍රී ලංකා ගණකාධිකාරී ශිල්පීය ආයතනයේ සභාපති වරලත් ගණකාධිකාරී ජේ.එම්.යූ.බී. ජයසේකර මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුථ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *