එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙක් ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – සත්‍යය, යුක්තිය, හානිපූරණය හා නැවත ඇති නොවීම සහතික කිරීම ප්‍රවර්ධනය කිරීම සදහා වූ එක්සත් ජාතීන්ගේ විශේෂඥ පැබ්ලෝ ඩි ග්රීෆ් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ.

ඔහු ඊයේ(10) දිවයිනට පැමිණි අතර ලබන 23වනදා දක්වා රැදී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරයි. වසර 25කට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ තත්ත්වය සොයා බැලීම වෙනුවෙන් සහ ලබා ඇති ප්‍රගතිය පරික්‍ෂා කිරීම ඔහුගේ මෙම චාරිකාවේ අරමුණ වේ.

ඩි ග්රීෆ් මහතා කියා සිටියේ සංක්‍රාන්තින යුක්තිය හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවිලය ක්‍රියාත්මක කිරීමේ දී මුහුණ පෑමට සිදුවන බාධකයන් හා දුෂ්කරතාවයන් හදුනා ගැනීමේ දී ශ්‍රී ලංකාව මේවන තෙක් ලගා කරගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, බාධකයන් ජය ගැනීම සදහා වූ අවස්ථාවන් පිළිබඳ රජය හා ශ්‍රී ලංකාවේ ජන සමාජය සමග සංවාදයක යෙදීමත් සිය චාරිකාවේ අරමුණ බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥවරයා මෙම නිල චාරිකාවේ දී මධ්‍යම රජය හා පළාත් සභා මට්ටමේ රාජ්‍ය නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අධිකරණයේ සාමාජිකයන්, සන්නද්ධ හමුදා නිලධාරීන්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්, ආගමික නායකයන්, වැනි පාර්ශවයන් හමුවීමට නියමිතය. එසේම ඔහු දේශපාලන පක්‍ෂ, මානව හිමිකම් කොමිසම, සිවිල් සමාජ, වින්දිතයන්ගේ කන්ඩායම්, විද්වතුන් හා ජාත්‍යන්තර ප්‍රජාවේ නියෝජිතයින් ද හමුවෙනු ඇත.

ඔහු මෙම නිල චාරිකාවේ දී කොළඹ හා ශ්‍රී ලංකාවේ දකුණ, මධ්‍යම, උතුර හා නැගෙනහිර පළාත්වල සංචාරයක කිරීමට නියමිතය.

මෙම නිල චාරිකාව පිළිබද අවසන් වාර්තාව 2018 සැප්තැම්බර් මාසයේ මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කරනු ලැබේ.

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *