සුදර්ශන, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩ බලයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා ලෙස පත් කර තිබේ.

හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙතෙක් මෙම තනතුර පුරප්පාඩුව පැවතුණි.

මේ බව අද(11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *