පුංචි ඡන්ද පනත් කෙටුම්පතට කථානයකගේ අත්සන

(කොළඹ, ලංකාපුවත්) – මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරු ජයසුරිය මහතා අද(12) දිනයේ අත්සන් කර ඇත.

පළාත් සභා හා පළාත් පාලන අමාත්යී ෆයිසර් මුස්ථාෆා මහතා විසින් පසුගිය සදුදා අදාල පනත් කෙටම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය සංශෝධන සහිතව ඒකමතිකව සම්මත විය.

කථානායකවරයා විසින් අදාල පනතට අත්සන් කිරීමෙන් අනතුරුව එය ගැසට් කිරීමට නියමිතය.

මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කෙළ්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *