ලංගම රියදුරු,කොන්දොස්තර නිවාඩු අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) –පවතින දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ වර්ජනයත් සමඟ ජනතාව මුහුණ දෙන අපහසුතාවය සැළකිල්ලට ගෙන ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධ සේවාවක් සැපයීමට පියවර ගෙන ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ විශේෂ කාලසටහනක් යටතේ ධාවනය කිරීමටද අද(12) පැවති සාකච්ඡාවකදී තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය.

මේ අතර පෞද්ගලික බස් රථ සඳහා මාර්ග බලපත්‍ර රහිතව ධාවනයට අවස්ථාව සැලසීමටද ජාතික ගමනාගමන කොමිෂන් සභාව එකඟ වී ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *