ෆේස්බුක් බිඳ වැටෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ(11) රාත්‍රියේ ලොව පුරා රටවල් රැසක දී ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමකට ලක්ව තිබේ.

පරිගණක තුළින් හෝ ජංගම දුරකථන මගින් තම ෆේස් බුක් වෙතට පිවිසිය නොහැකි බවට රටවල් රැසක ෆේස් බුක් භාවිත කරන්නන් පැමිණිලි ඉදිරිපත් කර ඇත.

මෙම තත්වය මත ෆේස් බුක් පරිශීලකයන්ට කිසිවක් share කිරීමට හෝ තම status publish කිරීමට හැකියාවක් ලැබී නොමැත.

කෙසේවෙතත් ඇතැම් ජංගම දුරකථන මගින් සමාජ වෙබ් අඩවියට පිවිසිය හැකි අතර පරිගණක තුලින් ෆේස් බුක් ගිණුම්වලට යාමට නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *