ග්‍රෑන්ඩ්පාස් හි ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – ග්‍රෑන්ඩ්පාස් හි අවිස්සාවේල්ල මාර්ගයේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද(13) අලුයම 0150ට පමණ හදිසි ගින්නක් හට ගෙන ඇත.

තේ පෙට්ටි සකසනු ලබන කර්මාන්තශාලාවක මෙම ගින්න හට ගෙන තිබේ.

පොලිසිය, ප්‍රදේශවාසීන්, ග්‍රෑන්ඩ්පාස් ගිනිනිවීමේ ඒකකය හා විදුලිබල මණ්ඩලයේ සහායඅඇතිව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වූ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පැවසීය. ගින්නෙන් කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.

සිදුව ඇති දේපළ හානිය පිළිබඳ මෙතෙක් තක්සේරුවක් කර නොමැති අතර ගින්නට හේතුව ද අනාවරණය වී නොමැත.

මෙම ගින්නෙන් අසළ පිහිටි නිවාස 04කට ද සුළු හානි සිදුව ඇත.

සිද්ධිය පිළිබඳ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *