පොදුරාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙලේ යෂ්ටිය ශී‍්‍ර ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ්කොස්ට් හිදී පැවැත්වීමට නියමිත 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට සමගාමීව ලොව පුරා පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලට රැගෙන යන බි‍්‍රතාන්‍ය මහා රැජිනගේ පණිවුඩය රැගත් විශේෂ යෂ්ටිය ඊයේ(12) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

1930 දී බි‍්‍රතාන්‍යයේ පැවති පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය කි‍්‍රඩා උළෙලේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායිකාව ලෙස එලිසබත් මහ රැජිණ නිකුත්කළ පණිවිඩය රැගත් මෙම යෂ්ටිය කී‍්‍රඩා උළෙල පැවැත්වෙන සමයේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල ප‍්‍රදර්ශනය කිරීම සම්ප‍්‍රදායකි.

යෂ්ටිය රැගත් විශේෂ නියෝජිත පිරිස අද පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශී‍්‍ර ලංකාවට ළගා වූහ.

අනතුරුව කොළඹ කිංග්ස්බරි හෝටලය අභියස සිට අලංකාරවත් පෙරහැරකින් යෂ්ටිය ජනාධිපති මන්දිරය වෙත රැගෙන ඒම සිදු විය.

එහිදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් එය උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, සුසන්තිකා ජයසිංහ, ශී‍්‍රයානි කුලවංශ. දමයන්ති දර්ශා, ඩිලන්ත මාලගමුව යන මහත්ම මහත්මීන් ඇතුළු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *