මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැල විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැල පසුගිය 14වනදා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

කිලිනොච්චියේ කිරිගොවීන් පිරිසක් ද මෙහිදී ජනාධිපතිතුමා හමු වූ අතර කිරි ගවයින් ලබා ගැනීම ඇතුළු ඔවුන්ගේ ගැටලූ කිහිපයක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ. ඒ පිළිබද අවධානය යොමු කළ ජනාධිපතිතුමා අවශ්‍ය විසදුම් කඩිනමින් ලබාදෙන බව ප්‍රකාශ කළේය.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක්ද මෙහිදී ජනාධිපතිතුමා හමුවී ලිපියක් භාරදෙනු ලැබීය. ජනාධිපතිතුමා හමුවීමට පැය භාගයක කාලයක් ලබාදෙන ලෙස ඔවුන් කළ ඉල්ලීමට එකගතාවය පළ කළ ජනාධිපතිතුමා ඒ සදහා ඉක්මණින්ම වේලාවක් ලබාදෙන බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *