(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රියා මහමැතිවරණයේ දී සෙබෙස්තියන් කර්ස් නායකත්වය දරන කොන්සවටිව් ජනතා පක්ෂය ඉදිරියෙන් සිටින බව නවතම ප්‍රතිඵලවලින් හෙලිවී තිබේ.
ඒ අනුව 31 හැවිරිදි සෙබෙස්තියන් කර්ස් ලොව ලාබාලතම ජාතික නායකයා බවට පත්වීමට බොහෝදුරට ඉඩකඩ පවති. මේ වන විට කොන්සවටිව් පක්ෂය සියයට 31ක මනාප ප්‍රතිශතයක් ලබා සිටි.
රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතර බලය ලැබී නැති අතර ඒ සඳහා ඔවුන් සන්ධානගත වීමට අපේක්ෂා කරනු ලැබේ.
කර්ස් තම ආධාරකරුවන් අමතමින් කියා සිටියේ තමාට රට වෙනුවෙන් වැඩ කිරීමට කදිම අවස්ථාවක් ලැබී ඇති බවය.
මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර ඔහු යුරෝපයේ ලාබාලතම විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 2013 වසරේ දී ඔස්ට්‍රියාවේ විදේශ අමාත්‍ය ධුරයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු විසි හතකි.