(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට ඊසාන දෙසින් පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වාභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එය තවදුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරන බව සදහන් ය.
මේ හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින පුරා අහස වළාකුළින් බරව පවතින අතර තද සුළං හා මුහුද රළු වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තතුව සඳහන් කළේය.
මේ අතර අධික වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනු ලැබේ.
එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියාසිටියේ වැඩිවූ ජල මට්ටම අඩුවීම ක්‍රමයෙන් සිදුවන බවය.
දිස්ත්‍රික්ක 6කට පැනවූ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇත.
ඒ අනුව කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල අවධානම් කලාපවල වෙසෙන ජනතාව තවදුරටත් අවදානයෙන් සිටිය යුතුය.