ලාහෝර් නුවර සංචාරය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තානයේ ලාහෝර් නුවර සංචාරය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.

2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවර දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ඉන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට හානියක් සිදු වූයේ නැත. එහෙත් එම ප්‍රහාරයෙන් අනතුරුව මේ දක්වා ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වැළකී සිටි.

ලෝක ක්‍රිකට් කණ්ඩායම සමගින් තරගයක් පවත්වා පාකිස්තානය පසුගිය දා අවධාරණය කළේ එරට ආරක්ෂාව තහවුරු කර ඇති බවය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද පාකිස්තානයේ ආරක්ෂාව තහවුරු කර තිබේ.

එහෙත් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියේ පාකිස්තාන සංචාරය පිළිබද යළි සළකා බලන ලෙසය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඊයේ(17) රැස් වී මේ පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී එරට ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැති බව වාර්තා අනුව තීරණය කර ඇත.

ඒ අනුව 22කුගෙන් යුත් සංචිතයක් ප්‍රථමයෙන් නම් කර අනතුරුව අවසන් පහළොස්දෙනා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

දෙරට අතර මෙම ඓතිහාසික පන්දුවාර 20-20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 29 වනදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *