කෑගල්ලෙන් පෘතුගීසි බලකොටුවක් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – කෑගල්ල දෙහිඕවිට පනාවල මඩගම්මන ප්‍රදේශයේ ගණ කෑලෑබඳ ප්‍රදේශයකිනන් මෙතෙක් තොරතුරු අනාවරණ කර නොගත් පෘතුගීසි බලකොටුවක් සොයා ගෙන ඇත.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී.මණ්ඩාවල මහතා පැවසුවේ ඊයේ(17) දිනයේ දී මෙම සොයා ගැනීම සිදු කළ බවය.

මෙම පෘතුගීසි බලකොටුව 1515-1540 ත් අතර කාලය තුළ සීතාවකපුර ආක්‍රමනයෙන් පසුව ඉදිකර ඇතිබවට විශ්වාස කෙරේ.

මෙම නිර්මාණය සබරගමුවට පිවිසීමේ පහසුව අරමුණු කර ගනිමින් ඉදිකිරීම් සිදුකර ඇති බවට සැලකේ.
මෙම බලකොටුව නිර්මාණය කර ඇත්තේ පැති 03 ක් පමණක් ආවරණ වන ආකාරයට වන අතර බලකොටුවෙහි පෘතුගීසි ලක්ෂණ නොවෙනස්ව ඇති බව ජෙනරාල්වරයා සදහන් කළේය.

මෙම ස්ථානයට ඇතුළු අවට ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් බවට හදුනාගත හැකි ලක්ෂණ ඇති අතර මෙම බලකොටුව පිළිබඳ ඉතිහාසයේ තොරතුරු තිබුණද මෙතෙක් සොයා ගැනීමට නොහැකිව තිබේ.

ප්‍රදේශවාසීන්ගේ සහයෝගය නිසා බලකොටුව සොයා ගැනීමට හැකිවූ බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *