ට්‍රම්ප්ගේ නව යෝජනාවත් අධිකරණය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් අටක පුරවැසියන් ඉලක්ක කර ඉදිරිපත්කළ සංක්‍රමණික තහනම සඳහා හඳුන්වාදුන් නවතම යෝජනාව එරට අධිකරණය අත්හිටුවා තිබේ.

මෙම සතියේදී ක්‍රියාත්මකවීමට තිබූ තහනමට විරුද්ධව ෆෙඩරල් විනිසුරුවරයෙකු ඊට තාවකාලික අවහිර කිරීමේ නියෝගයක් නිකුත් කර ඇත.

ඉරානය, ලිබියාව, සිරියාව, යේමනය, සෝමාලියාව, චෑඩ් සහ උතුරු කොරියාව යන රටවල පුරවැසියන් මෙන්ම වෙනිසියුලාවේ රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කරගෙන මෙම යෝජනාව ඉදිරිපත් කෙරුණි. ඊට පෙර ඉදිරිපත් කළ යෝජනාවලින් බහුතර මුස්ලිම් ජනගහනය සහිත රටවල් හයක් ඉලක්ක කෙරුණි. එහෙත් එම යෝජනා අමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂාවට ලක්වූ බව සඳහන්ය.

අද දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ට්‍රම්ප්ගේ තුන්වන සංක්‍රමණික තහනම මින්පෙර හොනොලුලු ප්‍රාන්තයේ අධිකරණය ද අත්හිටවනු ලැබීය.

ෆෙඩරල් ආගමන විගමන නීති යටතේ ජනාධිපතිවරයාට එවැනි තහනම් පැනවීම සදහා බලයක් නොමැති බව අධිකරණය පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *