විද්‍යා ඝාතනයේ සුල මුල සෙවීමට ක්‍රියාකළ පාර්ශවයන්ට මුදල් ත්‍යාග

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් නිලධාරීන්ට සහ සිවිල් පුරවැසියන්ට ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමේ උත්සවයක් අද(19) පැවැත්වේ.

අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී අද සවස මෙය පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මෙහිදී කයිට්ස් පොලිස්වසමේ පුංකුඩිතිව් හි දී ශිවලෝගනාදන් විද්‍යා පාසල් දැරිය ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන සාර්ථක විමර්ශනයක් සිදු කිරීමට ක්‍රියාකළ නිලධාරීන්ට සහ සිවිල් වැසියන්ට ද මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *