ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට පාකිස්තානය සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා පාකිස්තාන දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට පාකිස්තානය සූදානමින් සිටි. කොළඹදී ඊයේ(18) පැවති මාධ්‍ය හමුවකදී පාකිස්තාන විදේශ කටයුතු ලේකම් ටෙහ්මිනා ජැන්ජුවා මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

“ඇත්තෙන්ම මගේ ශ්‍රී ලංකා සංචාරය ඉතාමත් සාර්ථකයි. මට ඊයේ දිනයේදී ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා හා ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකා පාකිස්තාන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට පාකිස්තානය සූදානමින් සිටිනවා.”

ශ්‍රී ලංකා පාකිස්තාන ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සමාරම්භක උලෙළ කොළඹදී ඊයේ ආරම්භ විය.

පාකිස්තානය ශ්‍රී ලංකාවට ලබා දෙන තාක්‍ෂණ ආධාර යටතේ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශිෂ්‍යත්ව ප්‍රදානය 1976 වසරේ සිට වාර්ෂිකව සිදුකෙරේ. ඒ වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු තාක්‍ෂණය, ඖෂධ කළමනාකරණ සේවා හා ආරක්‍ෂක සේවා යන අංශ සඳහාය.

ශ්‍රී ලංකා පාකිස්තාන ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද ඊයේ සිදුකෙරුණි.

රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි, ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් ආචාර්ය ෂාහෙද් අහමද් හෂ්මන් යන මහත්වරුන් ද ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විවිධ සේවා සඳහා දායකත්වය ලබා දෙන ඉහළ පෙළේ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *