සයිටම් ගැන රජයේ ස්ථාවරය කියන්න ජනපති ලබන සදුදා සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් නොවසා, සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්නය විසඳිමට සූදානම් නම් එයට සූදානම් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය හා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දීඅද (19)සදහන් කළේය.

සයිටම් ප්‍රශ්නය මුල්කරගනිමින් ගැටළුව විසඳිමට ගන්නා පියවර කුමක්දැයි ස්ථාවර නියෝග 23(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“එදා ගැසට් එක ඉදිරිපත් කළේ ඔබතුමායි. මහානායක හිමියන්ගෙන් සමාව ගන්න ඕන මේක ඉදිරිපත් කළේ මම කියලා. සයිටම් වෛද්‍ය ආයතනය මූලික කරගෙන වෛද්‍ය සිසුන්ගේ වර්ජනය විසඳීමට වෛද්‍ය සිසුන් දෙමව්පියන්, වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා වට ගණනාවක් සාකච්ඡා කළා.මේ අර්බුදය පටන් ගත්තාම සාකච්ඡා කළා. මේ ළමයින්ගේ ප්‍රමිතිය අඩුයි කිව්වා. සායන පවත්වන්න බෑ කිව්වා. ඉස්පිරිතාලෙට ලෙඩ්ඩු නෑ කිව්වා. අපි ඔක්කොම කළා.”

“මේ අය අන්තවාදීන්. මේ වහන්න ඕන කියනවා. මැදට එන්න ඕන. කොළඹ වෛද්‍ය පීඨයේ ළමයි පන්ති ආවා. වෛද්‍ය වර්ජනය නවත්වා නොවැම්බර් මාසයේ නඩුව තියෙනවා. නඩුව ඉවර වෙනකම් සාමකාමීව සිටිමු. අප පටන්ගත්තේ නෑ.මහින්ද රාජපක්ෂ රජය ආරම්භ අක්ළේ. ජනාධිපතිතුමා සදුදා රජයේ ස්ථාවරය ඉදිරිපත් කරනවා. අපි මැදට අවිල්ලා එන්නේ. සයිටම් වහන්නේ නැතිව ඕන විසඳුමකට එන්න සූදානම්. අධිකරණ තීන්දුවක් තියෙනවා. සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්නය විසඳිමට සූදානම් නම් අපි එයට ලැස්තියි.රජයට විසඳුමක් තිබෙනවා. නමුත් සයිටම් වහන්නේ නෑ “යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *