නීති විරෝධීව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රජයේ කිසිදු වගකීමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී අන්දමින් විදේශයන් හී රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් රජයට කිසිදු වගකීමක් නැතැයි විදේශ රැකියා අමාත්‍යංශය නිවේදනය කරයි.

ශ්‍රී ලාංකික හ්‍රමිකයින් මැදපෙරදිග ඇතුළු වෙනත් රටවල්වල ලක්‍ෂ 15ක පමණ ප්‍රමාණයක් සේවය කරන බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඇස්තමේන්තු කර ඇත. මේ අතුරින් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග ආශ්‍රිත රටවල විවිධ ක්ෂේත්‍රයන්හි රැකියාව සිදු කරන අතර දකුණු කොරියාව, ඊශ්‍රායලය, සයිප්‍රසය, මැලේසියාව, හොන්කොන් සහ ජපානය වැනි වෙනත් කලාපීය රටවල සේවයේ නියුතු බව කාර්යංශ දත්ත පෙන්වා දෙයි.

විදේශ රැකියා අමාත්‍යංශය, විදේශ කටටයුතු අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යංශයට මෙම ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සලකා බැලීමේ දී සැලකිය යුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් තම වලංගු වීසා කාල සීමාව ඉකුත්වීමෙන් හෝ තම නීතයානුකූල සේවා ස්ථානයෙන් පැන ගොස් නීත විරෝධී ලෙස සේවය කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි සදහන් වේ.

මේ අතරින් වැඩි පිරිසක් දකුණු කොරියාව, ඊශ්‍රායලය, සයිප්‍රසය ඇතුළුම මැදපෙරදිග රටවල නීත්‍යානුකූල නොවන අයරින් රැකියාවන්හි නියුක්තව සිටින බවට තොරතුරු හෙලිව ඇත. මෙසේ නීත්‍යානුකූල නොවන අයුරින් සේවයේ යෙදී සිටීමට අදාළ රටවල නීතී උල්ලංඝනය කිරීමක්වන අතර එය දඩ මුදල් ගෙවීම සහ සිරගත කිරීමට හේතුවන වරදක් වේ.

මෙසේ නීති විරෝධීව සේවය කරන ශ්‍රමිකයින් හේතුවෙන් ශ්‍රීලංකාවේ විදේශ රැකියා සදහා සුදුසුකම් ලබා ඇති විශාල පිරිසකට වටිනා රැකියා අවස්ථා අහිමි වන බව ද අමාත්‍යංශය පෙන්වා දෙයි.

එසේම ලියාපදිංචි නොවී විදෙස් ගතව, සේවා ස්ථානවලින් පැන සේවය කරන්නන් පිළිබඳව බදිරියේ දී සිදිු මැදිහත්වීමක් කා්රංශයෙන් සිදු නොකරන බව ද අවධාරණය කෙරේ.

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *