එක්සත් ජාතීන් සහ අධ්‍යාපන අමාත්‍යංශයෙන් තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාකාරී වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන් සහ අධ්‍යාපන අමාත්‍යංශය, හැටන් නැෂනල් බැංකුව සමඟ හවුල්කාරීත්වයක් ඇති කර ගනිමින් ‘තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාකාරී වැඩසටහන’ දියත් කරනු ලැබීය.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ දී අද(24) පැවැත්වුණි.

දරිද්‍රතාව අවසන් කිරීම, පාරිසරික ආරක්‍ෂාව සහ සියල්ලන් වෙනුවෙන් සමෘද්ධිමත් භාවය සහතික කිරීම සදහා 215 වසරේ දී රටවල් විසින් නව තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයක කොටසක් ලෙස තිරසර සංවර්ධන අරමුණු මාලාවක් සම්මත කර ගැණුනි. මෙම සෑම අරමුණක් යටතේ ම 2030වන විට සපුරා ගත යුතු විශේෂිත ඉලක්ක පවතී.

මෙම අරමුණු කරා ළගා වීමට නම් රජයන්, පෞද්ගලික අංශය, සිවිල් සමාජය හා මහජනතාව යන සෑම කෙනෙකුම තමන්ගේ වැඩ කොටස ඉටු කළ යුතුය.

72වන එක්සත් ජාතීන්ගේ දිනය සමරමින් මෙම වසරේ දී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන් සහ අධ්‍යාපන අමාත්‍යංශය, හැටන් නැෂනල් බැංකුව සමග හවුල්කාරීත්වයකට එළඹෙමින් ‘තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාකාරී වැඩපිළිවෙල’ දියත් කිරීම සදහා එකට එක්ව ඇත්තේ මේ නිසාය. මෙය තම ප්‍රජාවන් තුළ තිරසර සංවර්ධන අරමුණු පදනම් කර ගත් ව්‍යාපෘතියක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සදහා රට පුරා සිසුන් පුහුණු කිරීමේත් දිරි ගැන්වීමේ ත් වැඩසටහනකි.

තිරසර සංවර්ධන අරමුණුවලින් බොහෝමයක් ඉටු කර ගන්නා මාර්ගය වන්නේ අධ්‍යාපනය බව මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. මෙම වැඩපිළිවෙල රටේ ඉදිරි ගමනට උදව් කිරීමට ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට උගන්වනු ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ඌනා මැකෝලි මහත්මිය කියා සිටියේ අපට අවශ්‍ය කරන්නේ ශ්‍රී ලංකාවේ තරුණ පරපුර තිරසර සංවර්ධන නායකයන් ලෙස ක්‍රියාකාරීව මේ තුළින් සම්බන්ධ කර ගැනීම බවයි.

දිවයින් පුරා ප්‍රදේශවලින් තෝරා ගැනෙන පාසල් ව්‍යාපෘති 25ක් මේ තුළින් බල ගැන්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *