කාලගුණ අනාවැකි ගණිතමය ආකෘති ඔස්සේ

(කොළඹ, ලංකාපුවත්) – ගණිතමය ආකෘති අනුව ඉදිරි කාලයේ දී දිවයිනේ කාලගුණ තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය කියා සිටියේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබා ගන්නා කාලගුණික දත්ත භෞතික විද්‍යාත්මක සූත්‍රවලට අනුව විශ්ලේෂණය කරමින් අනාවැකි ඉදිරිපත් කරන බවය.

මීට අදාළව දත්ත රැස් කිරීමට යොදා ගන්නා යන්ත්‍ර ඉතා මිල අධික වේ.

නමුත් ලෝකයේ වෙනත් කාලගුණ ආයතන මෙම ක්‍රමවේදය ඔස්සේ ලබා දෙන දත්ත ගෙන ශ්‍රී ලංකාවට ඒවා අදාළ කර ගනිමින් මේවන විට විවිධ ප්‍රදේශ සදහා අනාවැකි නිකුත් කරමින් සිටියි. එම අනාවැකි සාර්ථක වී ඇතැයි ද අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවාය.

මෙම ක්‍රමවේදය ඔස්සේ නිවැරදි කාලගුණික දත්ත නිශ්චිතවම ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතී.

සුළගේ වේගය, වායුගෝලයේ වෙනස්වීම් හා වර්ෂාව පිළිබද අනාවැකි මේ හරහා ලබාදීමේ හැකියාව ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *