ජනපති කටාර්හි දෙදින නිල සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙදින නිල සංචාරයක් සඳහා කටාර් රාජ්‍ය බලා අද(24) දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

දෙදින නිල සංචාරයේ දී කටාර් රාජ්‍යයේ නායකයන් හා ඇමැතිවරු හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

මෙහිදී කටාර්හී වෙසෙන ශ්‍රී ලංකිකයන් මුණ ගැසී ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීමට නියමිත අතර, ඒ පිළිබඳ එරට රාජ්‍ය නායකයින් ඇමැතිවරුන් දැනුවත් කිරීමටද බලාපොරොත්තු වේ.

මෙම සංචාරය සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ජලසම්පාදන හා නගර සැලසුම් අමාත්‍ය රාවුෆ් හකීම් මහත්වරුද සහභාගීවීමටද නියමිතය.

කටාර් සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1976 වසරේ දී ආරම්භ කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *