45 වන ගෝලීය ගම්මිරිස් සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ

(කොළඹ, ලංකාපුවත්) –45 වන “ලෝක ගම්මිරිස් සමුළුව” මහනුවර අර්ල්ස් රීජන්සි හෝටලයේ ඔක්තෝබර් 30වනදා සිට නොවැම්බර් මස 2 වන දා දක්වා පැවැත්වේ.

මෙම ගම්මිරිස් සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර එය 45 ව වාර්ෂික සමුළුවද වේ.

මෙම වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගී වන අතර, ප්‍රාථමික කර්මාන්ත පිලිබඳ ඇමති දයා ගමගේ මහතා ද සහභාගි වීමට නියමිතය.

ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව , වියට්නාමය හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ගම්මිරිස් වගාකරුවන් හා අනෙකුත් කුළුබඩු නිෂ්පාදනය කරන්න ද සහභාගිවන මෙම සැසිවාරයේ සකච්ඡා මෙහෙයවනු ලබන්නේ අන්තර් ජාතික ගම්මිරිස් වවන්නන්ගේ සංසදයේ වත්මන් සභාපති, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු බන්දුල වික්‍රමාරච්චි මහතාය.

අන්තර් ජාතික ගම්මිරිස් වවන්නන්ගේ සංසදය විසින් තම සංවිධානයට අයත් රටවල ගම්මිරිස් හා අනෙකුත් කුළුබඩු අපනයනකරුවන්ට, හා අවශේෂ පිරිස්වලට රටවලට සමුළුව පැවැත්වෙන දිනවල පැවැත්වෙන ප්‍රදර්ශනයට තම නිෂ්පාදන තබා අලුත් ගැනුම්කරුවන් හඳුනාගන්නට අවස්ථාව සලසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *