උතුරේ ආගමික වැඩවලදී සත්ව හිංසනය තහනම්

(කොළඹ, ලංකාපුවත්) –උතුරු පළාතේ ආගමික ස්ථානවල පැවැත්වෙන පුද පූජාවන් හිදී සත්ව ඝාතන සිදුකිරීම තහනම් කරමින් යාපනය මහාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

ආගමික සිද්ධස්ථානවලදී සිදුකෙරෙන සත්ව හිංසන වැළැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා යාපනය මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි. එය විභාගයට ගත් මහාධිකරණය සත්ත්ව ඝාතන තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මහාධිකරණ විනිසුරු එම් ඉලංචෙලියන් මහතා අදාළ නියෝගය ලබාදුන්නේය.

මෙම අධිකරණ නියෝගය පිළිබඳ උතුරු පළාතේ සියලු ආගමික සිද්ධස්ථාන දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසද විනිසුරුවරයා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *