මෙරට ශ්‍රම බලකාය මිලියන 8.3 ක්‌

(කොළඹ, ලංකාපුවත්) – 2016 වසර සදහා ඇස්තමේන්තුගත ශ්‍රම බලකාය මිලියන 8.3 ක්‌ වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේතුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසයි.

එය මිලියන 15.4 ක්‌ වන වැඩ කරන  වසසේ ජනගහනයෙන් (වයස අවු 15 සහ ඊට වැඩි ) සියයට 54 පමණ වේ. මෙම ශ්‍රම බලකායතුල  රැකියාවේ නියුතු ප්‍රමාණ මිලියන  7.9  පමණ වන අතර රැකියා වියුක්ත ප්‍රමාණය මිලියන 0.36 පමණ වේ. තවද ශ්‍රම බලයට අයත් නොවන ඇස්තමේන්තුගත ජනගහණය මිලියන 7.1 කි. මේ අනුව වාර්තාවනශ්‍රමබල සහභාගීත්වතා අනුපාතය සියයට53.8 වන අතර එය පුරුෂ පක්ෂය සදහා සියයට75.1 ක් ද , ස්ත්‍රීන්ගේ එම ප්‍රතිශතය සියයට35.9 ක් ද වේ.

ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්‍ෂණය (LFS) – 2016  වාර්ෂික වාර්තාව එළිදක්වමිනි.

සමීක්‍ෂණයේ ප්‍රතිඵල පෙන්වා දෙන පරිදි වැඩ කරන වයසේ සිටි කාන්තාවන්ගෙන් වැඩි ප්‍රතිශතය ශ්‍රමබලකායට අයත් නොවේ. එම ප්‍රමාණය මිලියන 5.4 පමණ වේ. මෙම ආර්ථික වශයෙන් ක්‍රියාශීලි නොවන කාන්තාවන්ගෙන් සියයට2.4% පමණශ්‍රම බලකාලයට සම්බන්ධ වීමට යම්කිසි හෝ කැමැත්තක් දක්වා තිබූ බව 2016 වාර්ෂික වාර්තාවේ පෙන්වා දෙයි. මෙම කොටස කාන්තා විභව්‍ය ශ්‍රම බලකාය ලෙසඅර්ථ  දක්වා ඇති අතර එය ප්‍රමාණයෙන් මිලියන 0.13 ක්  විය. තවද එම වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි 79,680 ක පමණ පිරිමි විභව්‍ය ශ්‍රම බලකායක් පවතී. ඒ අනුව 2016 වර්ෂයට ඇස්තමේන්තු කල මුළු විභව්‍ය ශ්‍රම බලය වන 210,484 ක් පමණ පුද්ගලයින් සුදුසුපෙළඹවීම්ක්‍රමවේදමගින් ශ්‍රමබලයට දායක කරගැනීමේ හැකියාව ඇත.

රැකියා නියුතුජනගහනයෙන් බහුතරය පිරිමින් වන අතර එය මිලියන 5.1 ක් වේ. වාර්තාවනරැකියා නියුතු ස්ත්‍රී ජනගහනය මිලියන 2.8 කි. රැකියා නියුතු පුද්ගලයින්ගෙන් බහුතරය සේවා අංශයේ ද (46.5%) ඉන්පසුව කෘෂිකාර්මික අංශයේ සියයට 27.1 ද සහ කර්මාන්ත අංශයේ සියයට 26.4 ද රැකියා කරන බව සමීක්‍ෂණය වාර්තා කරයි. තව දුරටත් සමීක්‍ෂණ ප්‍රතිඵල වලින් පෙන්නුම් කෙරෙන්නේසමස්ථ රැකියා නියුක්ත ජනගහනයෙන් සියයට 60 ක් පමණ අවිධිමත් අංශයේ සේවයේ නියුක්ත බවයි. එයින්කෘෂිකර්මාන්තය තුල අවිධිමත් අංශයේ රැකියා ප්‍රතිශතය සියයට  87.5 වන අතර  කෘෂිකාර්මික නොවන ක්ෂේත්‍රය තුල එම ප්‍රතිශතය සියයට  50.1ක් බව වාර්තා වේ.

2016 වර්ෂයේ සමස්ථ රැකියා වියුක්ති අනුපාතය සියයට4.4 ලෙස වාර්තා විය. තවද පුරුෂ පක්ෂයේඑම  අනුපාතය සියයට2.9 ද ස්ත්‍රී පක්ෂයේ එම අනුපාතය සියයට7.0 ද වේ. වැඩිම විරැකියා අනුපාතය තරුණ ජනගහනයෙන් (වයස අවු 15-24 පුද්ගලයින්ගෙන්) වාර්තා වූ අතර එය සියයට21.6 ක් විය. ස්ත්‍රී විරැකියා අනුපාතය (සියයට 7.0) පිරිමි විරැකියා අනුපාතය(සියයට 2.9) ට වඩා සැලකිය යුතු ලෙස ඉහල අගයක් පෙන්වයි.

අධ්‍යක්ෂක ජනරාල්තුමා තවදුරටත් කරුණු දක්වමින් මෙම සමීක්‍ෂණයේ ප්‍රතිඵල මගින් ‘NEET’ නමින් විශේෂ පිරිසක් ඇස්තමේන්තුකර ඇතිබව දැන්වීය. එනම් සමීක්‍ෂණ කාල සීමාව තුල රැකියා නොකරන හෝ අධ්‍යාපනයක් හෝ පුහුණුවක් නොලබනතරුණයින්එනම් අවු 15-24 අතර පුද්ගලයින්” NEET”  සංඛ්‍යාතිය මගින් හඳුනාගනියි.

2016 දී ඇස්තමේන්තු ගත ” NEET” ජනගහනය මිලියන0.75  වන අතර ඔවුන්ගේ බහුතරය කාන්තාවන් (මිලියන 0.52) වේ. පසුගිය වසර හයක් තුල වාර්තා වන” NEET” ජනගහනය 2016ශ්‍රී ලංකා ශ්‍රමබලවාර්ෂික වාර්තාවෙන් ප්‍රකාශයට පත් කර ඇත. නව රැකියා උත්පාදන ක්‍රියාවලියේදී මෙම සංඛ්‍යාති පිළිබඳව වැඩි අවධානයක්යොමු කල හැකිය.

ශ්‍රි ලංකා ශ්‍රම බලසමීක්‍ෂණය, ශ්‍රි ලංකාවේ රැකියාවල නියුතු, විරැකියාවෙන් පෙලෙන සහ ශ්‍රම බලකාය හා ආශ්‍රිත අනෙකුත් ප්‍රමාණාත්මක තොරතුරුද, නවප්‍රවණතාද දැනගැනීමට හැකිවන පරිදි සැලසුම් කර ඇත. 1990 වර්ෂයේ  පලමු කාර්තුවේ සිට මෙම සමීක්‍ෂණය කාර්තුමය ලෙස පවත්වා ඇත. 2016 වර්ෂයේශ්‍රම බල සමීක්‍ෂණය,  සමීක්‍ෂණ මාලාවේ 36 වන සමීක්‍ෂණයයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 ශ්‍රම බල සංඛ්‍යාති නිකුත් කර ඇත්තේ මුළු රටම ආවරණය වන ලෙස තෝරාගත් නිවාස ඒකක 25,750 ක නියැදියක් පාදක කර ගෙනය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *