(කොළඹ, ලංකාපුවත්) – අධිකරණයට අපහාස කළායැයි වන චෝදනාවට සමාජ සුභසාධන,සමාජ සවි බලගැන්වීමේ සහ උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට නොවැමබර් මස 21 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබේ.
මෙසේ රන්ජන් රාමනායක මහතා ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ ය නොතීසි නිකුත් කරණු ලැබූයේ රාමනායක මහතා විසින් රටේ විනිශ්චයකාරවරුන් සහ නීතිඥයින්ගේන් “බහුතරය” දූෂිතයැයි කරන ලද ප්‍රකාශ්ය සම්බන්ධයෙන් කරණු විමසීමටය.
රන්ජන් රාමනායක මහතාගේ එම ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් යැයි පවසමින් ශ්‍රී ලංකා නීත්ඥ් සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කල අතර ඒ සම්බන්ධයෙන් නීතිඥ සංගමය තීරණය කර ඇත්තේ ඔවුන් විසින් 2017 අගෝස්තු 26 සෙනසුරාදා පවත්වන ලද නීතිඥ සංගමයේ විධායක කමිටු රැස්වීමේදීය.