විමල් ජාතියෙන් සමාව ගතයුතුයි–ජාතික නිදහස් පෙරමුණෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, පාර්ලිමේන්තුවට උඩින් ගොස් බෝම්බ දැමිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජාතියෙන් සමාව ගතයුතු බව එම පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා පවසයි.

මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජාතික නිදහස් පෙරමුණ කණගාටුව පළ කරන බව ද ඔහු සදහන් කළේය.
ඔහු මේ බව සදහන් කර සිටියේ අද(25) ගම්පහ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට විමල් වීරවංශ මහතා විසින් සිදු කළ ප්‍රකාශය, තම පක්ෂයේ මතය නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා පැවසීය.

විජේනායක මහතා සදහන් කරන ලද්දේ එම ප්‍රකාශය අදාළ මන්ත්‍රිවරයාගේ පෞද්ගලික අදහසක් බවයි.මෙම ප්‍රකාශය වැරදි සහගත වන බැවින් සහ මේ තුළින් රටේ පවතින සාමකාමී වාතාවරණයට ගැටළුවක් ඇති වන බැවින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වු විගස මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ඒ මහතා විසින් වැඩි දුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *