ඉන්දියාවෙන් පළමුවරට ඉචිත්සෝරාවෙකුගේ පොසිලයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ විද්‍යාඥයන් පිරිසක් විසින් ගුජරාට් ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ දී සමුද්‍ර උරග විශේෂයක් වන ඉචිත්සෝරාවෙකුගේ පොසිලයක් සොයාගෙන ඇත. එය වසර මිලියන 152ක් පමණ පැරණිවනු ඇති බවට විශ්වාස කෙරේ.

ඉන්දියාවේ දී මෙලෙස ඉචිත්සෝර් ෆොසිලයක් සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

මෙම අධ්‍යයනය මෙහෙයවූ මහාචාර්ය ගොන්ට්පුල්ලයි වි.ආර් ප්‍රසාද් ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස හමුව ඇති කොටස මීටර් 5.5 ක ප්‍රමාණයකින් යුක්ත බවය.

මෙම පොසිලයේ හිස් කබල සහ අස්ථි කොටස් කිහිපයක් මෙතෙක් හමුව නැත.

ඉන්දියාවේ සහ ජර්මනියේ විද්‍යාඥයින්ගෙන් සමන්විත කණ්ඩායමට, මෙලෙස අලුතින් සොයාගත් ආකෘතිය මීට වසර මිලියන 165 ත් 90 ත් අතර කාලයක සිට සාගරවල ජීවත් වූ ඉචිත්සෝරෝරුවන්ගේ බවට හඳුනාගෙන ඇත.

බොහෝ විට මෙම සත්වයින් “පිහිනන ඩයින්සෝරස්” ලෙස වැරදි ලෙස හඳුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රථම වරට ට්‍රැසික් යුගයේදී (මීට වසර මිලියන 251 සිට 199 දක්වා) ජීවත්ව සිට ඇති බව සදහන් වේ.

එසේම මෙම මත්ස්‍යයන් හීලෑ බවට ද විශ්වාස කෙරේ. ඔවුන්ට තියුණු, ශක්තිමත් දත් පිහිටා ඇත.

ඉචිත්සෝරෝරුවන්, ඩයිනෝසෝරයට පෙර වඳ වී ගොස් ඇති බවට සැලකේ.

මීට වසර මිලියන 150 කට පමණ පෙර ඉන්දියාවේ සහ දකුණු අමෙරිකාව අතර සම්බන්ධතා තිබුණේ ද යන්න පිළිබඳව අලුත් නිදර්ශක හඳුනාගැනීමට මෙම සොයා ගැනීමට ඉහවල් වනු ඇතැයි වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *