චීනයේ සිටින මාර්ග නීති කඩකරන්නන් අල්ලන රොබෝවරු

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ බෙයිජිං හි මාර්ග නීති කඩ කරන රියදුරන් පිළිබඳ විමසිලිමත් වීම සදහා මාර්ගයේ රොබෝවරුන් යොදවා ඇත.

බෙයිජිං ගුවන්තොටුපල අධිවේගී මාර්ගයේ මුර සංචාරයේ නිරත වන මේ රොබෝවරු සම්පූර්ණයෙන්ම ආරෝපිත බැටරියට අනුව පැය පහක් හා පැය අටක කාලයක් ක්‍රියා කරනු ලැබේ.

මෙම රොබෝවරුන්ට අධිවේගී මාර්ගයේ නීති කඩ කරන රියදුරන් පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැගෙන පොලීසිය වෙත ලබා දීමට හැකිය.

මෝටර් රථ අනතුරු නිසා සෑම විටම රථවාහන තදබදය ද ඇති වේ. නමුත් හැකි ඉක්මනින් එම ස්ථනයට ගොස් සියල්ල විමසා බලා තීරණ ගැනීමේ හැකියාවෙන්ද මේ රොබෝවරුන් සමන්විතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *