මත්ස්‍ය අස්වැන්න ඉහළට – මාළු මිල ගණන් පහලට

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල පවතින කාළගුණික තත්වය හේතුවෙන් දකුණු මුහුදු තීරය ප්‍රමුඛව දිවයිනේ සෑම මුහුදු ප්‍රදේශයකින්ම ලැබෙන මත්ස්‍ය අස්වැන්න ඉහළ ගොස් තිබේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා, පෑළියගොඩ මධ්‍යම මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයේ අලෙවිකරුවන් සමඟ අද (26) සාකච්ඡාවක් කළ අතර ඔවුන් ප්‍රකාශ කළේ මේ දිනවල මත්ස්‍ය වර්ග ගණනාවක් විශාල අස්වැන්නක් වශයෙන් දකුණු මුහුදු තීරයේ ඇතුළු සෙසු මුහුදු තීර ආශ්‍රීතව ලැබෙමින් පවතින බවයි.

ඒ අනුව ලින්නා, බලයා, පරවු, කුම්බලාවෝ ,සාලයෝ, හාල්මැස්සෝ, අංජිලාවෝ ඇතුළු මත්ස්‍ය වර්ග ගණනාවක් බහුල වශයෙන් හසුවන නිසා එම මාළු වර්ගවල මිළ ගණනන් පහළ ගොස් තිබේ.ඔවුන් පවසන්නේ ලින්නා කිලෝවක් රුපියල් 100කට ද, අංජිලාවෝ කිලෝවක් රුපියල් 180ක් වැනි මිලකට ද වශයෙන් මිල මට්ටම් පහළ ගොස් ඇති බවයි.

මේ නිසා මාළු මිළ ගණන් ස්ථාවරව තබා ගැනීමේ අරමුණින් අපේ රටේ සාගර තීරයෙන් නෙළා ගත නොහැකි මසුන් වන කොප්පරා හා තලපත් මසුන් වර්ග දෙක හැර සෙසු සියලු මත්ස්‍ය වර්ග හා ටින් මාලු ආනයනය කිරිමද තාවකාලිකව අත්හිටු වීමට කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මුදල් අමාත්‍යංශයෙන් අද ඉල්ලීමක් කරනු ලැබීය.

දැනට අප රට ආනයනය කරන මසුන් හා ටින් මාලු ඇතුළු ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසකි.මෙවැනි මත්ස්‍ය අස්වැන්නක් විශාල වශයෙන් මෙම වර්ෂය තුළ වර්තා වු ප්‍රථම අවස්ථාව බව ද ධීවර ප්‍රජාව පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *