ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය නගාසිටුවීමට සදහා ලෝක බැංකු ආධාර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය නගාසිටුවීම සදහා ලෝක බැංකුව සහයෝගය ලබාදීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ලෝක බැංකු නියෝජිත පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී ප්‍රථමික සෞඛ්‍ය නගා සිටුවීම සදහා ජාතික මට්ටමේ සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය විය.

ඒ සදහා රුපියල් මිලියන 200 ක පමණ මුදලක් ලබාදීමට ලෝක බැංකුව සුදානමින් සිටියි. බෝනොවන රෝග පාලනය කිරීම සදහා ද ලෝක බැංකුව පසුගිය වසර කිහිපය තුල සෞඛ්‍ය අමාත්‍යාංශයට මුල්‍යාධාර ලබාදී ඇත.

එම මුදල් වලින් සිදු කරන ලද ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබදව මෙහිදී සාකච්ඡා කළ අතර, එහි ප්‍රගතිය පිළිබදව ලෝක බැංකු නියෝජිතයින් සතුට පළ කරන ලදි.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, දුම්කොල හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා, ලෝක බැංකුවේ ශ්‍රි ලංකා නියෝජිත වෛද්‍ය දීපිකා ආට්ගල මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *