‘කූඹියෝ’ IMDB ජාත්‍යන්තරයේ මුල් තැනට

(කොළඹ, ලංකාපුවත්) –ස්වාධීන රූපවාහිනී සේවයෙන් මේ දිනවල විකාශය වන ‘කූඹියෝ’ ටෙලිනාට්‍යය අයි. එම්. ඩී. බී. ජාත්‍යන්තර දර්ශකයේ ‘Crime Series’ අංශයේ පළමු ස්ථානය ලබා තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ නිපැයුණු ටෙලිනාට්‍යයක් ජාත්‍යන්තර දර්ශකයක පළමු තැනට පත් මුල්ම අවස්ථාව වීම විශේෂත්වයකි.

අන්තර්ජාලය හරහා ටෙලිනාට්‍ය නරඹා අැති ප්‍රේක්ෂක සංඛ්‍යාව මේ ජාත්‍යන්තර දර්ශකයේ අවධානයට ලක්වන අතර ඊට හිමිවී ඇති ලකුණු සංඛ්‍යාව 9.9/10කි. දෙවැනි ස්ථානයේ පසුවන ‘බ්‍රේකිං ඩැඩ්’ නමැති ඉංග්‍රීසි මාලා ටෙලිනාටකය 9.5/10ක් ලබා තිබේ. තෙවැනි ස්ථානයේ පසුවන ‘ද වයර්’ මාලා ටෙලිනාටකයට හිමි වී ඇති ලකුණු සංඛ්‍යාව 9.3/10 කි.

තුමිඳු දොඩංතැන්න, කලන ගුණසේකර, ඇන්ඩෲ පුලන්, යුරේනි හොෂිකා, තුසිත ලක්නාත්, සේනක ටයිටස්, ඩබ්ලිව්. ජයසිරි, ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් මානවඩු ආදීන් රඟන ‘කූඹියෝ’ ලක්මාලි ධර්මරත්නගේ අධ්‍යක්ෂණයකි. අසංක දොඩංතැන්නගේ නිෂ්පාදනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *