ලාභදායී මිලට ධීවර සංස්ථාවෙන් මසුන්

(කොළඹ, ලංකාපුවත්) –ලාභදායී මිලට මසුන් අලෙවි කිරීමේ ජංගම සේවාවක් අද(27) සිට ක්‍රියාත්මක බව ලංකා ධීවර සංස්ථාව සදහන් කරයි.

දිවයින වටා මුහුදු තීරයෙන් මේ දිනවල ඉහළ මත්ස්‍ය අස්වැන්නක් ලැබෙමින් පවති. ඒ අනුව මාළු මිලෙහි අඩුවක් ද දක්නට ලැබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව මුහුදු වෙරළේ දීම මිලදී ගන්නා අලුත් මසුන් සහනදායී මිලට පාරිභෝගිකයින්ට ලබාදීමේ වැඩපිළිවෙළක් ධීවර සංස්ථාව ආරම්භ කර තිබේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත එම වැඩපිළිවෙල දියත් කරනු ලැබේ.

සංස්ථා ලොරි රථවලින් ප්‍රවාහනය කරන මසුන් අඩු මිලට අලෙවි කිරිම ප්‍රදේශ රැසක දී එකවර ක්‍රියාවට නැංවීමට ලංකා ධීවර සංස්ථාව කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *