‘හර්වාට්’ 06 දෙනෙකුට මරු කැදවයි

(කොළඹ, ලංකාපුවත්) –යුරෝපය හරහා හමාගිය ‘හර්වාට්’ සුළි කුණාටුවෙන් මේ වන විට පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන් වැඩිම බලපෑම් සිදුව ඇත්තේ, මධ්‍යම යුරෝපයට ය. සුළි කුණාටුවේ ආගමනයත් සමග බොහෝ රටවල හදිසි තත්වයක් ද ප්‍රකාශයකර තිබේ.

පෝලන්තයේ ඇතැම් ප්‍රදේශ හරහා පැයට කිලෝ මීටර 140ක් තරම් අධික වේගයෙන් සුළං හමාගිය බව වාර්තාවේ.

සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් චෙක් රාජ්‍යයේ සහ පෝලන්තයේ නිවාස දස දහසක විදුලිබලය ඇණහිට ති‍බේ.

කුණාටුවත් සමග ඇතිවූ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වයක් ද ඇතිව තිබෙන අතර ඉන් ජර්මනියේ ප්‍රදේශ රැසක්ම යටවී ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *