ඉරානය සමඟ සිරකරු හුවමාරු ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජය හා ඉරාන රජය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ඇති කර ගන්නා ගිවිසුමට අත්සන් කිරීම අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් පසුගියදා සිදු කරන ලදි.

අධිකරණ අමාත්‍යංශයේ දී එම කටයුත්ත සිදුවිය.

මෙම ලිවිසුම සදහා බරාන ඉස්ලාමීය ජනරජය වෙනුවෙන් එරට අධිකරණ අමාත්‍ය ඇලි රාසා අවාසි මහතා එරට දී අත්සන් තබා ඇත. අධිකරණ අමාත්‍යවරිය විසින් ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් සරී අමිරනී මහතා හා අමාත්‍යවරිය අතර ලිවිසුම හුවමාරු කිරීම සිදුවිය .

සිරකුරවන් හුවමාරි කි‍රීමේ මෙම ගිවිසුම යටතේ සිරකරුවන්ට නිදහසක් හිමි නොවන අතර එම සිරකරුවා ලැබූ දඩුවම ඒ ආකාරයෙන්ම තම මව් රට තුළ බන්ධනාගාරවලදී විදීමට සිදුවනු ඇත.

අදාළ ගිවිසුම පිළිබඳ මූලික සාකච්ඡා පසුගියදා අධිකරණ අමාත්‍යවරිය සහ ඉරාන තානාපති අතර සිදුවිය.

මෙම සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම 1995 අංක 05 කරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ අත්සන් කළ බව අධිකරණ අමාතයංශය සදහන් කළේය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *