රිය අනතුරකින් ඇගලුම් කම්හල් සේවිකාවන් 20කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ඕමන්ත පොලිස් වසමේ මහනුවර 0 යාපනය ඒ 09 මාර්ගයේ පනික්කනිරාව් ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 21දෙනෙකු තුවාල ලබා ඇත.

අද (30) උදෑසන 6.30ට පමණ නෙදුන්කේනි දෙස සිට වව්නියාව දෙසට ඇගලුම් කර්මාන්තශාලා සේවිකාවන් ප්‍රවාහනය කළ බස්රථයක්, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බවුසර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ බස්රථයේ ගමන් කළ ඇගලුම් කර්මාන්ත ශාලා සේවිකාවන් 20දෙනෙකු හා බවුසරයේ රියදුරු වව්නියාව රෝහලට ඇතුලත් කර ඇත.

ඕමන්ත පොලිසිය මේ බසම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *