(කොළඹ, ලංකාපුවත්) –නව මැතිවරණ ක්‍රමය යටතේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන ගැසට් නිවේදනයට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් හෙට (01) පෙරවරු 11 ට එම අමාත්‍යාංශයේ දී අත්සන් තැබීමට නියමිතය.
ගැසට් නිවේදනයට අත්සන් තැබීමෙන් පසු පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වෙන අන්දම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට ද ඇමැතිවරයා බලාපොරොත්තු වේ.