ශීඝ්‍ර සංවර්ධනයක් කිරීමට අගමැතිගෙන් සැළසුම්

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ සිදුවන සංවර්ධන කටයුතු ඉදිරි වසර දෙක තුළ ශීඝ්‍රයෙන් සිදුකිරීමට සැළසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ අඩුපහසුකම් සහිත නාගරික ප්‍රදේශ සුහුරු ප්‍රදේශ බවට පත් කිරීමේ අරමුණින් මාදම්පිටිය, හේනමුල්ල, මෙත්සද සෙවණ මහල් නිවාස සංකීර්ණයේ නිවාස 218ක් ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

රට මුහුණ දී ඇති ණය අර්බුදය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ රටේ සංවර්ධන කටයුතුවලට බාධා එල්ල වූ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *