නිව් යෝර්ක් ප්‍රහාරය : අවම වශයෙන් 8 දෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –නිව් යෝර්ක් නුවර පදික හා පාපැදි මං තීරුවක් වෙත ට්‍රක් රථයක් ධාවනය කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු පමණ මියගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුව ව්‍යාජ ගිනි අවි ලෙලවමින් ට්‍රක් රියෙන් පිටතට පැමිණි පුද්ගලයෙකුට වෙඩි තැබු පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන පෙළේ හදිසි අවස්ථා මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බැවින් අදාළ ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.

නිව් යෝර්ක් නගරාධිපතිවරයා මෙන්ම ආණ්ඩුකාරවරයාද සිද්ධිය වූ ප්‍රදේශයට පැමිණ ඇත. අමෙරිකානු මාධ්‍ය මෙම සිදුවීම හඳුන්වා දෙනු ලැබුවේ ප්‍රහාරයක් ලෙසිනි.

පාපැදි මංතීරුව වෙත වේගයෙන් ඇදී ආ ට්‍රක් රථයක් පුද්ගලයින් පිරිසක ගැටුණු බව සිද්ධිය ඇසින් දුටු “ඉයුජින්” නමින් හැඳින්වුණු අයෙකු ABC Channel 7 නාලිකාව සමග පැවසීය. වෙඩි පහර නවයක් හෝ දහයක් ඇසුණු බව ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *